බිලොග් එකක් හදමු (මුලසිට සරලව). බ්ලොග් පාඩම 1

Share:
                 
   
                                ඔන්න මන් අදත් ආවා ඔයාලට වැදගත් ලිපියකුත් අරගෙනම. ඉතින් කොහොමද ඔයාලට යාළුවනේ . ඔයාල හොදින්  ඉන්නවානේද .හරි එහෙනම් අද මන් ඔයාලට කියලදෙන්න යන්නේ සරලවම blog  එකක් හදන විදිහ ගැන.ඉතින් සමහරු නමි බිලොග් ලියනවා .සමහර අය දන්නැහැ තවම කොහොමද බිලොග් එකක් හදන්නේ කියලා.
 ඒ දන්නැති  අයට අද ඉගෙන ගන්න පුළුවන් .ඉතින් ඔයත් ලිවීමේ දක්ෂතා තියෙන කෙනෙක් නම් ඔයාගෙම කියල බිලොග් site එකක් අදම පටන් ගන්න. ඒක ඉදිරියට හොඳ ආයෝජනයක් වෙයි. දැනටමත් blog  ලියන අයටත් මේ ලිපි මාලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බිලොග් සයිට් එකක් හදන එක web site එකක් හදන එක තරම් අමාරු දෙයක් නෙවෙයි.මොකද මේකට උවමනා වටපිටාව එයාල හදල තියෙන්නේ
අපිට තියෙන්නේ ලියන්න විතරයි. බිලොග් sit එකක් හදල ඒකට ad.fly ,adsend වගේ money program එකක් එකතු කරල ආදායමක් හොයාගන්නත් පුළුවනි.ඉතින් blog site  එකක්  හදාගන්න පුළුවන් ජනප්‍රියම site  දෙකක් තමයි මේ                             1.wordpress
                         2.blogger .com(මේ ඇරෙන්න තව ඒවා තියනවා)
මේ site වලින් ඔයාලට free blogger account  එකක් හදාගන්න පුළුවන්.
මන් අද ඔයාලට කියල දෙන්නෙ කොහොමද bloger.com එකෙන් blog එකක් හදන්නේ කියන එක
 ඉතින් ඔයාලට ඒකට තියෙන්න ඕන google එකවුන්ට් එකක්. එකවුන්ට් එකක් නැති අය මෙතනින් ගිහින් හදාගන්න. https://accounts.google.com › SignUp . bloger එකට ගියත් එතනින් වුනත් google  account  එක ඔයාලට හදා ගන්න පුළුවන්.හරි ඊටපස්සෙ blogercom එකට ගිහින්  gmail එකයි pass word එකයි ගහල ලොග් වෙන්න.
ඊටපස්සේ දැන් new blog මත clik
කරන්න



එතකකොට මේ වගේ window එකක් එයි
ඊටපස්සෙ title කියන තැන ඔයාට අවශ්‍ය නම දාන්න.මගේ නම් දැනුම,සතුට,විනෝදය කියල දාල තියෙන්නේ .ඊළඟට address කියන තැන ඔයාට අවශ්‍ය නම දාන්න.මේක ඔයාගෙ බිලොග් එකේ ලිපිනයයි.මගේනම් rohanakm දාල තියෙන්නේ.මෙතනට දාන නම වෙන කෙනෙක් දැනටමත් භාවිතා කරනවනම් ඔයාට වෙන නමක් දාන්න වෙනවා.ඔයා දාන නම වෙනකෙනෙක් භාවිතා කරන්නැතිනම් එම නම ඔයාට භාවිතා කල හැකියි කියන පනිවිඩය දිස්වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ template  එකක් තෝරල පාට එහෙම තෝරල creat blog clik(  කරන්න,templat ගැන එහෙම දැන්ම වද වෙන්න එපා මොකද ඒවා පස්සේ තමන්ට තැමති විදිහට  වෙනස් කරගන්න පුළුවන් නිසා. (blog එකට ගැජටි එකතුකරගන්න විදිහ එහෙම පස්සෙ ලිපියකින් කියල දෙන්නමි).හරි දැන් blog එක හදල ඉවරයි. දැන් තියෙන්නේ ලියන එක.දැන් අළුතෙන් post එකක් ලියන්න "new post button"
එක ඔබන්න
එතකොට මේවගේ window එකක් එයි
. ඉතින් මෙතන තමයි ඔයාලට blog එක ලියන්න තියෙන්නේ. ඉතින් ඔයාල blog එක english  වලින් ලියනවනම් අව්ලක් නැහැ  හැබැයි ලියන්නෙ සිංහලෙන් නම් pc එක සඳහා වි⁣ජේසේකර app එක හරි sinhala emi software එක හරි භාවිතා කල හැකියි   smart phone එකෙන් ලියනවනම් helakuru app එක භාවිතා කල හැකියි.  Post එක ලියල ඉවර වෙලා publesh button එක clik කරාම post එක publish වෙනවා.

දැන් view blog කියන තැනට ගිහින් අනිත් අයට blog එක පේන විදිහ ඔයාලට බලාගන්න පුළුවන්


ඔයා post එක හදන්නේ එකවරම ⁣ෙන⁣වෙයිනම් post එක save කරල තියාගන්න.එතකොට ඔීනවෙලාවට post එක අරගෙන edit කරගන්න පුළුවන්.publish වෙන්නෙ නැහැ. ඒ වගේම post එක හදල ඉවර⁣ෙවලා Preview කරල බලන්න වැරදි තියෙනවද කියලා ඔක්කොම හරිනම් publish කරන්න .ඔයා post එක publish  කරාට පස්සේ වරදක් තිබුනොත් මොකද කරන්නේ ?එහෙම වෙලාවට revert to draft  කරන්න එතකොට ආයෙමත් post එක unpublish වෙනවා ඊට පස්සෙ post එකේ වරද හදල හෙම නැවත publish  කරන්න පුළුවන්. ඉතින්  blogin ගැන  ැැඅදැනගන්න,කතාකරන්න තවත් ගොඩක් දේවල් තියනවා.මගේ ඉදිරි ලිපි වලින් ඒ ගැන කියල දෙන්නම්.
ඉතින් මේවගේ වටිනාලිපියක් ඔයාලට දුන්නේ ගොඩක් කාලය කැපකරලා .ඒ නිසා  මේ post එකට comment එකක් එහෙම දාල යන්න අමතක නොකර .share  කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මන් ගියා. ඔයාලට සුබදවසක්!

Next blog lesson >>

No comments