Blog එකට දාපු අනවශ්‍ය photos delete කරලදාමු

Share:
       
     
                              Blog එකක් ලියද්දි,  අපි ලියන ලිපියට අදාලව images/photos blog එකට upload කරන්නට සිදුවෙනවා. එහෙම upload කරපු photos  අතර දැන් ඔයාලට blog එකට අනවශ්‍ය  photos පවා ඔයාලගේ blogඑකේ තියෙන්න පුළුවන්. උදාහරනයක් විදිහට,  ඔයා කලින් ලියන ලද ලිපියක්  මකල දැම්මනම් ඒ ලිපියට අදාලව upload කරපු images, blog එකේ ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයා upload කලත් blog post එකට එක් නොකරනලද images එහෙමත් ඒ අතර තිබෙන්න පුළුවන්.google වලින් අපිට free ලබාදීල තියෙන සීමිත ඉඩකඩ  නිසා,  අපිට අනවශ්‍ය photos මකල දාල storage  space  එක වැඩිකරගන්න එක ගොඩක්ම වැදගත්.   එහෙනම් කොාහාමද මේ අනවශ්‍ය  photos blog එකෙන් අයින් කරල දාන්නේ ?   සමහර අපේ blog ලියන යාළුවන්ටත් මේ ගැටළුව සමහර විට මතුවෙලා ඇති එහෙම නේද?
                         මම පහලින් දීල තියෙන ලින්ක් එකට ගියාම ඔයාල google එකට upload කරල තියෙන සියළුම photos ඔයාලට බලාගන්න පුළුවන්.එතනින් blogger icon එක තියෙන photos set එක තමයි ඔයාල blog එකට එකතු කරල තියෙන photos ටික වෙන්⁣නේ. දැන් ඔයාට තියෙන්නේ අනවශ්‍ය photo එක උඩ click කරල එන popup menu එකෙන් delet tab එක click කරල අවශ්‍ය නැති photos ටික මකල දාන්න.හැබැයි මතක තියාගන්න මෙතනින් delete වෙන photos  blog එකෙන් අයින් වෙනවා කියන එක.

         get.google.com/albumarchive/

Webtrickslk blog අඩවියෙන් ඔයාලට දැනුම ගෙනඑන මේ වගේ ලිපි නිතර ඵලවෙනවා.ඉතින් ඔයාල webtrickslk එක email subscribe  කරල තියෙනවනම් අළුතින් ලිපියක් දැම්මම ඔයාලට ඒක ඉක්මනින්ම දැනගන්න පුළුවන්.
                හරි එහෙනම් අදට ලිපිය අවසන් කරනවා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙනතුරු ඔයාලට සුබ දවසක්. 

No comments