HTML පාඩම 2.

Share:

අද html පාඩමේ දෙවනි කොටසයි ඔයාලට ගෙනඑන්නේ. පලවෙනි පාඩම කරල ටිකක් ප්‍රමාද උනා දෙවෙනි පාඩමට එන්න.
කමක් නහැ අද ලිපියෙන් ඔයාලට මං කියල දෙන්නේ pargraph tag එක සහ hedding tag එක පිළිබඳවයි.

<P> Phargraph ආරම්බක tag එක
</p> phargraph අවසන් tag එක

         මේ tag අපි භාවිතා කරන්නේ web එකක paragraph එකක් ලිවීම සඳහායි.
පහත උදාහරනය බලන්න.

<!DOCTYPE html> 
<html> 

<head> 
 <title>Paragraph Tag</title> 
</head> 

<body> 

 <p>This is my  First Paragraph </p> 
 <p>This is Second Paragraph </p> 
 <p>This is the Fourth Paragraph </p> 
 <p>This is the Fifth Paragraph </p> 

</body> 

</html>

මං ඔයාලට කලින් පාඩමෙන් මේ html code ලියල test කරන්න (pc එකෙන් සහ android phone එකෙන් )apps දෙකක ලින්ක්ස් දුන්නා.ඔයාල ඒවා download කරගන්න ඇති කියල මං හිතනවා.download කරගත්ත අය මේ codes ඒවගේ ලියල

පුරුදු වෙන්න.
ඉහත code එක හරියට ලිව්වනම් මේ විදිහට තමයි දිස්වෙන්න ඕන

This is my First Paragraph
This is the Second Paragraph
This is the Fourth Paragraph
This is the Fifth Paragraph

හරි ඊළඟට අපි බලමු heading tag ලියන විදිහ

<!DOCTYPE html> 
<html> 

<head> 
 <title>Heading in HTML</title> 
</head> 

<body> 

 <h1>Heading1</h1> 
 <h2>Heading2</h2> 
 <h3>Heading3</h3> 
 <h4>Heading4</h4> 
 <h5>Heading5</h5> 
 <h6>Heading6</h6> 

</body> 

</html>

<h>heading ආරම්භක tag එක
</h> අවසන් tag එක

<h1> සිට <h6> දක්වා html heading විස්තර කිරීම සඳහා මේ tag යොදා ගන්නවා <h1>heading tag එක html එකක ගොඩක් වැදගත්වෙන heading tag එකයි. seo වලටත් මේ tag එක ගොඩක් වැදගත් වෙනවා. <h6>tag එක තමයි වඩාත් අඩුවෙන් වැදගත් වෙන heading tag එක වෙන්නේ. Heading tag එකේ අංකය අනූව heading  එකේ size එක වෙනවා.heading tag ලියන්නේ <body>tag අතරයි.

 ඉහත code එකේ Output එක මේවිදිහයි 

Heading1

Heading2

Heading3

Heading4

Heading5
Heading6
හරි එහෙනම් ඔයාල මේ code text editer එකක ලියල පුරුදුවෙන්න. මීලඟ ලිපියෙන් තවත්  වැදගත් html පාඩමක් සමඟින් ඔයාල හමුවෙන්නම්.අදට සමුගන්නවා ඔයාලට සුබ දවසක්!
# Html පාඩම 1>> මෙතනින් යන්න



please share the post



No comments