Blog Post එකට download button එකක් දාගන්න හැටි

Share:
අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ  ⁣animated download button  එකක් post එකට එකතු කරන විදිහයි.
මං මේක එකතු කරන්නේ add a gadget හරහායි. මේ ක්‍රමයෙන්html ගැන එතරම් දැනීමක් නැති  අයට උනත්  පහසුවෙන් blog එකට download button එකක් එකතු කරගන්න පුළුවන් css codes blog එකට එකතු කරන විදි කලින් පාඩමකින් මන් ඔයාලට කියල දීල තියෙනවා. කියවපු නැති අය මෙතනින් ගිහින් පාඩම කියවන්න.
Blog එකට css code ඇතුලත් කරන ක්‍රම 
සාමාන්‍ය  html දැනීමක් ඇති අයට ඒ ක්‍රම භාවිතා කරලත් මේ වැ⁣ඩේ කරගන්න  පුළුවන්.
හරි එහෙනම් වැඩේ පටන්ගමු.ඉස්සර වෙලාම මේ විදිහට කරන්න . ඔයාලගේ blogger dashboard එකේ layout ගිහින් add a gadget selec කරන්න

 ඊටපස්සේ html/java script tab එක ඔබන්න.
එතන content aria එකේ පහතින් දීල තියෙන code එක past කරන්න.

<style>
.testbutton {
  font-family: arial;
  font-weight: bold;
  color: #FAF1ED !important;
  font-size: 10px;
  text-shadow: 1px 1px 0px #7CACDE;
  box-shadow: 1px 1px 1px #BEE2F9;
  padding: 10px 25px;
  -moz-border-radius: 10px;
  -webkit-border-radius: 10px;
  border-radius: 10px;
  border: 2px solid #3866A3;
  background: #63B8EE;
  background: linear-gradient(top,  #63B8EE,  #468CCF);
  background: -ms-linear-gradient(top,  #63B8EE,  #468CCF);
  background: -webkit-gradient(linear, left top, left bottom, from(#63B8EE), to(#468CCF));
  background: -moz-linear-gradient(top,  #63B8EE,  #468CCF);
}
.testbutton:hover {
  color: #14396A !important;
  background: #468CCF;
  background: linear-gradient(top,  #468CCF,  #63B8EE);
  background: -ms-linear-gradient(top,  #468CCF,  #63B8EE);
  background: -webkit-gradient(linear, left top, left bottom, from(#468CCF), to(#63B8EE));
  background: -moz-linear-gradient(top,  #468CCF,  #63B8EE);
}
</style>

දැන් gadget එක අදුන ගන්න පහසුවෙන්න title කියල තියෙන තැන ඔයාට පුළුවන් title එක විදිහට download button කියල දාන්න  හැබැයි එහෙම දැම්මොත් ඒක blog එක කියවන අයට පේනවා ඒ හින්දා මේ විදිහට කරන එක වඩාත් හොඳයි.<!--download button--> මේ විදිහට code  ඒක javascript window එකේ content කියල තියන තැනට ඉහලින් ලියා ගන්න (මේ විදිහට ලීවාම blog එකේ පෙන්නන් නැහැ.)
දැන් save කරල  layout page එකේ ,ඉහල දකුනු කෙලවර save arrangements tab එක clik කරන්න. ඊළඟට ඔයාට download  button එක අවශ්‍ය post එක select කරල button එක  add වෙන්න අවශ්‍ය තැනට පොඩි mark එකක් දාගන්න  තැන හොයාගන්න ලේසි වෙන විදිහට.(xxxxවගේ එකක්) .දැන් html tab එක select කරල අර ඔයා දාපු mark එක හොයාගන්න.(එතනට තමයි අපි button එක add කරන්නේ.) දැන් පහලින් දීල තියෙන  html code එක එතන type කරන්න.

<a href="#" class="testbutton">download </a>

"#"කියල තියෙන තැන ඔයාට අවශ්‍ය link එ⁣කේ url එක දෙන්න.download කියල තියෙන තැනට ඔයාට button එ⁣කේ display වෙන්න ඕන නම දෙන්න උදා- go to link,click here වගේ
දැන් compose clik කරලබලන්න.button  එක පෙන්නන්න නම් post එක publish කරන්න ඕන.
තවත් මේ වගේ පාඩමකින් හමුවෙන තුරු අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්!

No comments