Css ගැන හැදිනවීමක්( blog පාඩම 4)

Share:

                             ⇹
                 Blogin හදාරන නවකයින්ට css ගැනත් පොඩි දැනුමක් ලබාගන්න එක වැදගත් කියල මට හිතුනා .ඒ නිසා අද ලිපියෙන් මම උත්සහ කරන්නේ css ගැන පොඩි අවබෝධයක් ආධුනික ඔයාලට ලබල දෙන්නයි.

 Css කියන්නේ Cascading Style Sheets කියන එකට. මේකෙන් කරන්නේ BLOG එකක් එහෙම නැත්තම් WEB එකක් STYLE කරනඑක.සරලව කියනවනම් ලස්සන කරන එක.ඔයාල දන්නවා ඇතිනේ web page එකක් ලියන්න html code යොදාගන්නවා කියන එක. ඉතින් මේ html කියන්නේ blog /web එකක structure එකට. තව විදිහකට කියනවනම් web/blog එක ගොඩනන්වල තියෙන්නේ html වලින් ඉතින් මේ , Css වලින් කරන්නේ html elements display කරන විදිහ browser එකට අඟවනඑක. සරලව කියනවනම් html වලින් හදල තියෙන blog එක හරි web එක හරි මේ මේ කොටසේ colour එක මේමේ පාට වෙන්න ඕන.මේමේ තැන්වල font එක මේ⁣මේ විදිහ වෙන්න ඕන,මේමේ පාට වෙන්න ඕන කියල විධාන කරන එක (මන් මේ ඔයාලට සරලවමයි කියල දෙන්නේ). 

ඉතින් මේ විදිහට blog එකක් හරි web page එකක් හරි නිර්මානය කරන්න html එකයි css එකයි දෙකම උවමනා වෙනවා කියල මූලික වශයෙන් ඔයාලට දැන් තේරනවා ඇති.ඉතින් ඒ විදිහට මේ css වලින්  web page එක එ⁣හෙම නැත්තම්blog page එක ලස්සන කරගන්න එක (styling)  කරන්න පුළුවන්. ඔයාල දැකල ඇති WEB වල blog වල එහෙම animated buttons ,images,texts,එහෙම තියෙනවා.තව download buttons ,share buttons(facebook ,twitter g+වගේ ) මේවා නිර්මානය කරන්න මේ css codes  යොදාගන්නවා. එක css file එකක් වෙනස් කිරීමෙන් සම්පුර්න web page එකේම පෙනුම වෙනස් කිරීමෙ හැකියාව css වලට තියෙනවා.මේ විදිහට css codes web එකේ් එක කොටසකට හෝ ස්ම්පුර්න template එකටම යොදාගැනීමේ ඇති හැකියාව නිසා. web එකක් නැත්තම් blog එකක් සෑදීමේදි එය ලොකු වාසියක් වෙනවා
මෙ තමා css rule එක.css වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ selector හා declaration  කියන එක.selector  කියන්නේ body,p,font,h1 වගේ  තෝරගත්ත html element එකට.ඔයාලට ⁣පේනව ඇති හැම declaration එකකම property  එකක් හා value එකක් තිබෙන බව . වෙනස් කිරීමට අවශ්‍ය අකුරු ,පාට ආදිය property වලින් දක්වනවා.එම පාට වියයුත්තේ මොනපාටද font එකේ ප්‍රමානය කොපමනද කියන එක value එකෙන් තීරනය කරනවා. Declaration එකක් හෝ එකට වැඩ් ප්‍රමානයක් අඩංගුවන declaration block එකක් වෙන් කරන්නේ  semicolon  එකකිනි.declaration group එකක්  සඟල වරහන් තුල අන්තර්ගත විය යුතුයි.css declaration එකක් හැමවිටම  semicolon එකකින් අවසන් වියයුතුයි.
p {
    color: red;
    text-align: center;
}
(මේ උදාහරනයෙන් කියන්නේ සියළුම <p> text elements red වෙන්න ඕන center align වෙන්නත් ඕන කියන එකයි).ඉතින් ඔයාලට තව දුරටත් css ගැන හදාරන්න උවමනා නම් මේ sites වලට යන්න 
1.W3shool  


                     3.developer.mozela.org

ඉතින් අද ඔයාල⁣ට CSS  ගැන පොඩි හැදින්වීමක් කරේ ලිපිය හොඳනම් POST එකට comment එකක් දාන්න. share කරන්නත් අමතක කරන්න එපා.

මේ වගේ වටිනා ලිපි නිතරඅරන් එන webtrikslk.blogspot.com එක email subscribe කරන්න.එතකොට අළුත් ලිපියක් blog එකට දාපුගමන් ඔයාලට email notification එකක් එනවා.

පහුගිය blogger  පාඩම්







No comments