Blog එකට css code ඇතුලත් කිරීමේ ක්‍රම.( blog පාඩම 5)

Share:

ඔන්න  අදත්  ඔයාලට දැනුම ලබාදෙන්න වටිනා ලිපියකුත් අරගෙන මන් ඔයාල හමුවෙන්න ආවා.
අද අපි කතාකරන්නේ කොහොමද blog එකකට css code ඇතුල් කරන්නේ කියන එක පිළිබඳවයි

  Blog එකකට CSS ⁣CODE එකක් ඇතුලත් කරන ආකාර කිහිපයක්ම තියෙනවා.  මන් අද ලිපි⁣යෙන් Blog එකට css code/ gadget ඇතුලත් කරන විදි වලින් ක්‍රම 3 ක් පිළිබඳව ඔයාලට කියල ⁣දෙනවා.  තවත් ක්‍රම කීපයක් තිබෙනවා ඒවා ඉදිරි ලිපිවලින් මන්  ඔයාලට කියල දෙන්නම්.

1 ක්‍රමය

Blogger dashboard එකෙන් theme tab එකට යන්න.එතනින් customize tab එක click කරන්න

 ඊටපස්සේ advanced tab එක clik කරන්න.  add css කියල tab එකක් ඇති


 හැබැයි ඔයාල දාල තියෙන template අනූව මේ tabs තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන් . (සමහර විට ad css tab එක සැඟවිලා තිබුනොත් පහලට scroll කරල ඔයාට ඒක හොයාගන්න පුළුවන්.) එතනට ගිහින් blank aria එක( white screen)එක පාරක් clik කරන්න ඊට පස්සේ ඔයා copy කරගත්ත css code එක එතන past කරන්න. මෙතනදී  සිදුවන ⁣වෙනස්කම් පහත  preview window  එකෙන් ඔයාලට බලාගන්නන පුළුවන් . අව්ලක් නැත්තම්  apply to blog tab එක clik කරන්න. මෙතනදී blog එකේ තියෙන style එක override වෙනවා.මේ ක්‍රමයෙදී ඔයාට css එක customize කිරී⁣මේ හැකියාවක් නැහැ.

 ඉතින්  මේ හැම  දෙයක්ම  කරන්න කලින් template එකේ backup එකක් දා⁣ගෙන ඉන්න(dashboard  එකේ theme tab එක select කරල එතනින් backup/restore tab එක clik කරල  theme එක බැකප් කරගන්න පුළුවන්)

ඒ වගේම ඔයා එකතු කරන css code එකත් වෙනම copy කරල තියාගන්න. මොකද ඔයාට  templat එක අයින් කරන්න උනොත් ඔයා add කරපු css code එකත් නැතිවෙන හින්දා.  ඉතින් මේ ක්‍රමය  css,html ගැන වැඩිය නොදන්න කට්ටිය⁣ට භාවිතා කරන්න හොඳ ක්‍රමයක්. ඒ වගේම අවදානමත් අඩුයි.

   2 ක්‍රමය -

bloger dashboard එකට ගිහින් lay out tab එක click කරන්න.add a gadget tab එකක් click කරන්න.

දැන්  html/java script tab එක clik කරන්න.
Blank aria එකේ පහත සඳහන් ක්‍රම දෙකෙන් එකක් භාවිතා කර code එක past කරන්න

1. <style type="text/css">
(Paste your css code here)
</Style>
හෝ
       2. <Style>(paste your css codehear)
</Style >

ආධුනික අය Title කියල තියෙන තැනට ඔයා එකතුකරන gadget එකේ නම දානවනම් හොඳයි.(එතකොට අනවශයි කියල හිතෙනවනමි gadget එක html එකෙන් අයින් කරල දාන්න ලේසියිනෙ) හැබැයි මෙතනට දාන නම blog එකේ දිස් වෙනවා.   Html එකට external විදිහට සම්බන්ධ වෙන නිසාත්  gadget එක අනවශ්‍යයි කියල හිතෙන  වෙලාවකට  layout,gadget page එකට ගිහින් පහසුවෙන් code එක අයින් කරල දාන්න තිබෙන හැකියාවත් නිසා මේ ක්‍රමයත් html ගැන වැඩි දැනුමක් නැති අයට පහසුවෙන් භාවිතා කල හැකි ක්‍රමයක්.  ඔයා⁣ blog එකේtemplat එක වෙනස් කරත් gadget එකෙන් අපි මේක  අයින් කරනකන් මේක blog එකේ තියනවා.

3.ක්‍රමය

 (මේ ක්‍රමයට යන්න නම් html ගැන යම් කිසි දැනුමක් ඔයාලට අවශ්‍ය වෙනවා.)     bloger dashboard එකෙන් theme tab එක click කරල එතනින් edit html tab එක clik කරන්න.
මෙතන ති⁣යෙන්නේ ඔයාගේ theme එකේ html file එක.(css එකත් තියෙනවා).මම ඔයාලට කියල තියනවා කලින් html එක හැදිල තියෙන්නේ html සහ css වලින්  කියල ඉතින් දැන් අපිට ⁣හොයාගන්න වෙනවා මේකෙ css style තියෙන තැන.මේ වැ⁣ඩේ pc එකෙන් කරන එක පහසුයි.html file  එකේ ඇතුල තැනක clik කරන්න ඊට පස්සේ pc එකේ control +f  key එකවර ඔබන්න එතකොට මේ වගේ search box එකක් එයි.එතන මේ code(]]></b:skin>)  එක ගහල enter කරන්න එතනදි ඔයාව මේ code එක තියෙන තැනට
යොමුවෙනවා  දැන් මේ code එක ඉදිරියෙන් හරි ඉහලින් හරි css code එක insert කරන්න පුළුවන්. Code එක applyකරන්න කලින් preview කරල බලන්නත් මතක තියාගන්න.අව්ලක් නැත්තම් apply කරන්න.css එකක් ඇතුලත් කරන්න ඕන <style> සහ </style>ටැග් අතරයි
              තවත් ක්‍රමයක්.
ඉස්සර වෙලා වගේ ctrl+f ඔබල find on page function එක අරන් </head> කියල type  කරල enter කරන්න

ඊට පස්සේ <style> සහ </style>tag එක අතර </head> එකට උඩින් css code එක past කරන්නත් පුළුවන්.මේ විදිහට css code එකක් place කරන්න පුළුවන් ස්ථාන කීපයක්ම තියෙනවා. ඉදිරි ලිපි වලින් ඒව ඔයාලට කියල දෙන්නම්.  

ඉතින් මේ post එකෙන් blog එකට css code ඇතුලත් කරන ආකාරය පිළිබඳව ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියල මම විස්වාස කරනවා.ඒ වගේම මම ඔයාලට ඉදිරියේදී  html හා css ගැන පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න හිතාගෙනයි ඉන්නේ. දිගටම මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ  වෙලා ඔයාල දැනුම ලබාගන්න. 
ඒ වගේම මේ post share කරල අනිත් යාළුවන්ටත් මේ දැනුම  ලබාගන්න උදව් කරන්න.
 එහෙනම් මම අදට නවතිනවා ඔයාලට සුබ දවසක්.

No comments