html පාඩම 1 (මුලික අවබෝධය)

Share:


 මම ඔයාලට පසුගිය ලිපියකින් කිව්වා ළඟදී html පාඩම් මාලාවක් පටන් ගන්නවා කියලා.ඉතින්  ඔයාලට කිව්ව විදිහටම මම අද පලවෙනි html පාඩම ඔයාලට ඉදිරිපත් කරනවා.

html - (hyper text markup language )


 html  කියන්නේ markup language එකක්. scripting,programming languages  වගේ code ලියන්න මෙහිදී script භාවිතා කරන්නෙ
නැහැ.
html language එකෙන් web ගොඩනගන්නෙ  <P>,<br> වගේ tags භාවිත කරල. ඒ වගේම ගොඩක් දෙනා web නිර්මානය කරන්න බහුලව යොදාගන්නේ,html language එක. සරල text වලින් ලියන නිසා html ඉගෙන ගන්නත් පහසුයි.
        1991දී  Berners-Lee කියල කෙනෙක් තමයි html හඳුන්වල දීල තියෙන්නේ.සංස්කරන කීපයක් යටතේ html භාවිතා වෙලා තියෙනවා.නවතම සංස්කරණය හැටියට දැන් html 5 භාවිතා වෙනවා .පහලින්  දැක්වෙන්නෙ සංස්කරණය සහ එය එලි දක්වපු වර්ෂයයි
VERSIONYEAR
Html1991    
Html 2.01995
Html 3.21997
Html 4.011999
XHtml2000
Html 52012
  ඉතින්  අපි අද යන්නේ සරල web පිටුවක් නිර්මානය කරන්නයි .එහෙනම් අපි බලමු කොහොමද සරල විදිහට web page එකක් නිර්මානය කරන්නේ කියලා.

<!Doctype html>
<html>
<head><title> my first html 
lesson</title>
</head>
<body>
<p>my first html lesson</p>
</body>
</html>

ඔයාල මේ code එකtext editer එකක ගහල බලන්න හරියට කරානම් මේ විදිහට display වෙනවා.
ඔයාලට පුළුවන් phone එකෙන්ම මේ ටික කරල බලන්න.මන් පහලින් දීල තියෙන html editer ඇප් එක install කරල ඒකෙ මේ cods ලියල play කරල බලන්න.pc එකේ මේවිදිහට පුළුවන් ඔයාලට මේ codes අත්හදා බලන්න.pc එකේ note pad එක open කරගන්න ඊට පස්සේ ඉහත පිලිවෙලට code ටික ලියන්න. file extension එක විදිහට .html(ඉදිරියෙන් dot එක තියන්නමතක ඇතුව) දාල file එක save කරන්න. Encoding  විදිහට UTF-8 select කරන්න. දැන් file එක double clik කරාම ඔයාගේ default browser එකෙන් file එක open වෙනවා.

එහෙනම් අපි දැන් ඉහත  html ටැග් ගැන පොඩ්ඩක් දැනගමු.

<!Doctype html>
මේ tagඑකෙන් අදහස් කරන්නේ document එක html 5 කියන එකයි

<html>මේකෙන් අදහස් කරන්නේ html document එකක් කියන එක.html එකක් ලියන කොට මේ ටැග් එක අනිවාර්යයෙන්ම ඇතුලත් කල යුතුයි.html document  එක ආරම්භ කරන්නෙ මේ tag එකෙන් ඒවගේම අවසන් කරන්නෙත් මේ tag එ⁣⁣⁣කෙන්මයි.

ඊළඟට <head> එක.මූලික වශයෙන් html එක කොටස්දෙකකට වෙන්කරනු ලබනවා ඒ තමයි head එක සහ body එක. page එක ක්‍රියාකරවන්න අවශ්‍ය දෙවල්  meta information,  document  එකේ title එක,script ,style  අඩංගු වෙන්නේ head එක තුලයි non visible elements තමයි මේ තුල අඩංගු වෙන්නේ.ඒ කියන්නේ මේ තුල අන්තර් ගත දෙවල් වෙබ් එ⁣කේ(title එක හැර) පෙන්නන්නෙ නැහැ.

ඊළඟට <title>එක  title එක ලියන්නේ <head> එකේ අරම්භයත් </head එකේ අවසානයත් අතරයි.page එකේtitle එක තමයි මෙතන සඳහන් කරන්නේ.හැම html document එකකටම title එකක් තිබිය යුතුයි. html එකකට තිබිය යුත්තේ එක title එකක් පමනයි.search engine වල page එකට දාන නම තමයි පෙන්නන්නෙ.ඒ නිසා seo වලට title එක ⁣ගොඩක් වැදගත් වෙනවා

<body>  -  text,hyperlinks,images,tables,list වැනි html document එකක සියළුම සංයුති මෙහි අඩංගු වෙනවා(web page එකේ දර්ශනය වෙන්න අවශ්‍ය දෙවල් තමයි ⁣මෙහි තිබෙන්නේ.)

<p> - මේ tag එක තුල paragraph අන්තර්ගත කරනු ලබනවා.
  
හැම ටැග් එකටම (කීපයක් හැර) ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතුයි.
<>"Tagඑකක් ආරම්භ කරන්නේ මේ විදිහට 
"</> "අවසන් කරන්නේ මේ විදිහට
උදා p(paragraph) tag එක ආරම්භය  <p>
P tag එක අවසානය </p>

ඔයාල මතක තියාගන්න ඕනHtml එකක හැම⁣දෙයක්ම ලියවෙන්නේ tag දෙකක්  (open tag එක සහ closing tag එක)අතර.ඒ වගේම ටැග් එකක් දාල යමක් type කරාම නියමිත තැනදි tag එක වහන්නත් මතක තියා ගන්න නැතිනම් browser එකට document එක කිසියාකාරව කියවගන්න බැරුව යනවා.

 html editer app for android -
           ⤵
go to link

html editer app for pc


go to link

අද පාඩමින් ඔයාලට html ගැන මුලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල මන් හිතනවා.
ඊළඟ පාඩමින් තවත් අතවශ්‍ය ටැග් ගැන ඔයාලට කියල දෙන්නම්. එහෙනම් ඊලඟ ලිපියෙන් නැවත හමුවෙනතුරු අදට සමුගන්නම් ඔයාලට සුබ දවසක්.

Html   >> පාඩම 2

        FOURM>>>       LETS LEARN HTML

No comments